Colombo Today Local News

රාජිත ගෙන්නු නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට ලබා දෙන්නැයි නියෝගයක්

හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (22)දින නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (22) කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ, මෙහි විමර්ශන සිදුකර කිරිම සදහා අවශ්‍ය ලේඛණ නොමැති වීම හේතුවෙන් මේ වන විට ගැටලුවක් මතුවී ඇති බවය.

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව ධීවර අමාත්‍යාංශය මගින් අල්ලස් කොමිසමට ලබාදුන් අදාළ සියලු ලේඛණ වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.

Related posts

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin

දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත ගැටෙයි

colombotoday

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 100 කදී ඇරඹේ

Admin

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

colombotoday

” යාල අභයභූමිය ළඟ මුවන් දෙදෙනකු මරා පාටියක් දාලා.. අලින් ගැන උනන්දු පරිසරවේදින් කුඩා සතුන් ගැන කතා කරන්නේ නැහැ “

colombotoday