Colombo Today Local News

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ යෝජිත සංශෝධන සහ සංහිඳියාව මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් දේශීය ක්‍රියාවලියට කැපවන බව, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් ජාතින්ගේ නියෝජිතයින්ට යළි සහතික කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිපික් කලාපීය කාර්යාංශ අධ්‍යක්ෂ කන්නී විග්නරාජා මහත්මිය හමු වූ අවස්ථාවේදී ය.

අදාළ විෂයන් සම්බන්ධයෙන් ප්‍රගතියක් ළඟා කර ගැනීමට රජයේ කැපවීමක් ඇතැයි විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

කන්නී විග්නරාජා මහත්මිය පවසා ඇත්තේ, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දක්වන බවයි.

Related posts

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට… විරුද්ධවන සියල්ලම දේශද්‍රෝහීන්….

colombotoday

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

ජනපති ඉන්දියානු හමුදාවේ සහය ඉල්ලයි…

colombotoday

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin