Colombo Today Local News

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වෙළෙදාම් කටයුතුවලදී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් සිදුකරන පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (15)දින පැවැත්විණි.

අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡාව පවත්වා තිබේ.

මෙහිදී අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදුකරන මෙරට ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතන කිහිපයක නියෝජිතයින් ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කරුණු මතුකර ඇත.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ගැටලු විසඳීම සඳහා ශක්තිමත් නීති රාමුවක් පැවතීම අත්‍යවශ්‍ය බවය.

අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු වන පරිදි හා අයිතීන් සුරක්ෂික වන අයුරින් නව නීති හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

මේ සම්බන්ධව මේ වනවිටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යනය කරමින් නව නීති හඳුන්වාදීම හා සංශෝධනය කිරීම සිදු කළයුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.

අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ, මේ සඳහා සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බවය.

වාණිජ නීති පද්ධතිය (e – Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා මාර්ගගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස්විය යුතු බවත් අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.

Related posts

විජිතපුර නටඹුන් ඩෝසර් කිරීමට අවසර දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරියයි – පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියන කතාව මෙන්න

colombotoday

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday

කොරෝනා වයිරසය ජයගැනීමට නබි තුමාගේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත හැකියි. අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් පණිවුඩයක්

colombotoday

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday