World

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කළ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබේ.

කොරෝනා ලෙස හැඳින්වෙන සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට මෙලෙස ඇතුළු වූයේ ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නමැති අභ්‍යාවකාශ යානයය.

මෙතෙක් ගගනගාමීන් සේම අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේද කුතුහලයට බඳුන්ව තිබූ සූර්යයාගෙන් නික්මෙන චුම්බක ක්ෂේත්‍ර හා අංශු පිළිබඳව පුළුල් ගවේෂණයක නිරත වීම මෙම යානයෙන් අරමුණු කර තිබේ. සූර්යයා පිළිබඳ බොහෝ කරුණු එමගින් හෙළි කරගනු ඇති බව විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවය. මෙය මිනිසා පළමු වරට සඳ මත පා තැබීම හා සමාන ඓතිහාසික වැදගත් කමකින් යුතු සිද්ධියක් බව නාසා ආයතනය පවසයි.
2018 වසරේදි අභ්‍යාවකාශයට මුදාහැරි පාකර් සෝලර් ප්‍රෝබ් යානය ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වන ඉයුජීන් පාකර්ගේ නමින් නම් කරනු ලැබූවකි. සූර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.8කට මෙපිටින් ගමන් කරමින් සිටි පාකර් සෝලර් ප්‍රෝබ් අලුත් චාරිකාවේදී බුධගේ කක්ෂය හරහාද ගමන් කරනු ඇත. 1,377 ° C තරම්වු තාපයකට නිරාවරණය වීමෙන් ආරක්ෂාවීම සදහා මෙම යානය අඟල් 4.5ක් ඝනකමැති සුවිශේෂි කාබන් සංයුක්ත ආවරණයක් සහිතව නිර්මාණය කොට තිබේ.

Related posts

2021 ලෝක රූ රැජින තරගාවලිය නවතී

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !

colombotoday

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday