තංගල්ල, නාකුළුගමුව ප්රදේශයේ සංචාරක නවාතැන්පොළක සැක කටයුතු ලෙස විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.
මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.