Colombo Today Local News

20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය

වයස අවුරුදු 20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය යොමුව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ලිඛිත මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුව මෙම එන්නත ලබා ගත හැකි බවයි.

අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී.

මේ අතර අවුරුදු 12 – 15 අතර දරුවන්ට එක් එන්නතක් ලබා දීමටත්, අවුරුදු 16 – 19 අතර දරුවන්ට දෙවන එන්නත ලබා දීමට ද නිර්දේශ වී ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසා සිටි.

Related posts

අක්කර 1000ක් සමග අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලික අංශයට…. 20%ක් බදියුදීන්ට….

colombotoday

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

ආරක්ෂිත වෙසක් දිනයක් වේවා. අධ්‍යාත්මික වර්ධනය සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. | උලමාගෙන් වෙසක් දින පණිවුඩයක්.

colombotoday

සියල්ලට පෙර මන්ත්‍රීලාගේ ආරක්ෂාව තහවුරු කෙරේ… පාර්ලිමේන්තුවට මුඛ ආවරණ පන්දාහක් ඇනවුම් කරයි

colombotoday

දෙදරු මව මරා සිරුරේ කොටස් පෝර මල්ලක දැමූ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

colombotoday