28 C
Colombo
9 April 2025
Colombo Today Local News

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

ranil wickramasingheලෝකයේ පළමු වතාවට සමාජ ජාලා හරහා අදහස් ලබා ගනිමින් 21 වන සියවසට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ව්‍යවස්ථාව සැකසීම සම්බන්දයෙන් විශේෂ ප්‍රකාශක් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ හරහා තරුණ පුද්ගලයින්ගේ අදහස් හා යෝජනවා නව ව්‍යවස්ථාව සදහා ලබා ගැනීමට හැකිවන බවයි.

එසේම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් ඇතැම් මත ප්‍රකාශ කරත් තමාද නව ව්‍යස්ථාව අඩංගු කරුණු නොදන්නා බවත්, මේ වන විට ඒ සඳහා අදහස් විමසමින් සිටින බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට මත ප්‍රකාශ කරන්නන් අතර හිටපු ඇමති ජී.එල් පීරිස් මහතා ඉදිරියෙන් සිටින බවත්, දේවදත්තට බුදුගුණ ගායනා කරන ලෙස කිසිදු පුද්ගලයෙක් නොකියන බවත් අගමැතිවරයා එහිදී කියා සිටියේය.

නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට කිසිදු හානියක් නොවන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය අවශ්‍ය වන බවද ඒ සදහා සියළු පක්ෂවල සහය තමාට ලැබෙනු ඇති බවද අගමැතිවරයා විශ්වාසය පළකළේය.

ranil wickramasinghe

Related posts

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

Admin

මලික් ගෙතු බොරු සියල්ල මහින්දානන්ද එකින් එක දිගඅරියි.. මලික්ට කට උත්තරත් නැති වෙයි. Video

colombotoday

භික්‍ෂූන්ට විනය නීති පැනවීමේ අයිතියක්‌ රජයට ලැබුණේ කොහොමද? ගැටඹේ නාහිමියෝ විමසති

colombotoday

ජනපති සිරිසේනගේ පාලනය යටතේ සිදුකල පාපයෙන් මිදීමටනම් ඥානසාර හිමි නිදහස් කල යුතුමයි

colombotoday

මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

Admin