World

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවෝ ඇතුළු පිරිසක් ගමන් ගත් හෙලිකොප්ටර් යානය තමිල්නාඩුවේදී කඩා වැටී තිබේ.

අනතුරට පත් වන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයින් ද ඇතුළුව 9 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන තොරතුරුවලට අනුව අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු ජීවිත බේරාගෙන තිබේ.

හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව ඇත්තේ, දිල්ලියේ සිට සුලුර් දක්වා පියාසර කරමින් තිබියදී ය.

Related posts

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin

මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවේ කැළෑවකින් හමු වෙයි

Admin

උපහාර උත්සවයකට ගිය 11ක් අව් රශ්මියට මිය ගිහින්

Admin

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday