පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මේවන විට සිදුකෙරෙමින් පවතී.
මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය අජිත් ජයසිංහ යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරති.
ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ අද සවස් කාලයේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
ඒ යූ. එල්. 186 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.
ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ පිළිබඳ අවසන් කටයුතු අනිද් දා දිනයේ දී සිදුකිරීමට නියමිතයි.