Colombo Today Local Newsfeatured

මුස්ලිම් ජනතාවගෙ හරසර මැද ඥානසාර හිමි කාන්තන්කුඩියට – එක රටක්, එක නීතියක් බලකායට ඉහල ප්‍රතිචාරයක්

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීම සඳහා විශේෂ වැඩසටහනක් කාන්තන්කුඩිය ප්‍රදේශයේදී ඊයේ (දෙසැම්බර් 4) දින පැවැත්විණි.

එහිදී බද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

මේ සඳහා එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සහ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා යන මැතිතුමන්ලා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මැතිතුමිය ඇතුළු පිරිසක් සහභාගී විය.

Related posts

ගිරය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමීද නොවේ. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් සටහනක්.

colombotoday

කසුන් කල්හාර සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් මලකඩ කාපු ඇඳක් උඩ මරණය එනකල් බලං ඉන්න තාත්තාව බලපන්

colombotoday

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන

colombotoday

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

සංගක්කාරගේ බිරිඳ අඩු ‍ආදා­ය­ම්ලා­භි­යකු සේ පෙනී සිට කූට ලේඛන සකසා ඉඩ­මක් පවරා ගනියි. සැමියාගේ මාසික වැටුප රුපි­යල් 7,000 යි ලු.

colombotoday

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday