Colombo Today Local News

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

කොළඹ කෙසෙල්වත්තේ පරණ යොන් වීදියේ දී ඉකුත් 4 වැනි දින රාත්‍රියේ දී “කෙසෙල් වත්ත පවාස්” නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ(5) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව මහතා පවසයි.

එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් කඩු හතරක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවත් එම වාහනය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වන් වයස අවුරුදු 23 හා 31 අතර පසුවන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

කොළඹ අපරාධ කොට්ඨාසය සහ කෙසෙල්වත්ත පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

මාලිමාව එපා වුනාම මිනිස්සු එන්නේ අපි ලගට

Admin

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

colombotoday

මහපාරේ කැපුම් තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක්

colombotoday

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන ලෙස ජනපතිට දන්වයි

Admin