Colombo Today Local News

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

2021 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 01 වැනිදා තෙක් කාලයේ ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනි ගැනීම් ඇතුළු සිදුවීම් 131 ක් වාර්තා වී තිබෙන බව ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව සිය වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

මෙම වාර්තාවට අනුව ගෑස් සිලින්ඩරයට සුළු හානි සිදුවීම් 05 ක්, ගෑස් සැපයුම් නළයට හානි සිදුවීම් 09 ක්, රෙගියුලේටරයට හානි සිදුවීම් 10 ක්, ගෑස් ළිපෙහි මුහුණත වීදුරුව බිඳීයාම් හා ගෑස් ළිප් පුපුරායාම් 56 ක්, ගෑස් කාන්දුවීම් 47 ක්, අධික තාපය හේතුවෙන් සිදුවූ අනතුරු 04 ක් වශයෙන් සිදුවීම් 131 ක් වාර්තා වේ.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක් ඊයේ (02)දින වාර්තා විය. එම පිපිරීම් වේයන්ගොඩ, පල්ලේවෙල, නොරොච්චෝලෙයි, ගාල්ල, පෝද්දල, නුවරඑළිය, දිඹුලාගල, පූජාපිටිය ගම්පහ, කාත්තාන්කුඩි, මහවිලච්චිය, හෝමාගම, ගෝණපිංවල, අම්බලන්ගොඩ, කින්නියා, වාද්දුව, මීගමුව සහ මිද්දෙනිය යන ප්‍රදේශවලිනි.

වේයන්ගොඩ හීන්දෙනිය සහ පල්ලේවෙල හංසගිරිය ප්‍රදේශයේ නිවාස දෙකකත් ගාල්ල වරායේ බෝට්ටුවකුත් කල්පිටිය නොරොච්චෝලයි ප්‍රදේශයේ ආපනශාලාවකත් තිබූ ගෑස් කාන්දු හේතුවෙන් පිපිරීම් සිදුව ඇත. වව්නියාව වේරගම, නුවරඑළිය බඹරකැලේ, පූජාපිටිය, රඹුක්වෙල, ගාල්ල පෝද්දල ප්‍රදේශවල නිවාසවලද ගෑස් ළිප් පිපිරීමට ලක්ව තිබේ. දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ නිවාසයක ද ගෑස් ළිපක් පිපිරීමට ලක්ව ඇත.

එමෙන්ම ගම්පහ කොස්ඕවිට, හෝමාගම දෙහිගහවත්ත, කාත්තාන්කුඩි, මදන්ෆාම්, මහවිලච්චිය මන්නාරම් හංදිය ප්‍රදේශවල නිවාස 04 ක් සහ ගෝණපිංවල ප්‍රදේශයේ අවන්හලකද ඊයේ (02)දින ගෑස් ළිප් පිපිරීම් සිදුව ඇත. මීගමුව මංකුලිය, අම්බලන්ගොඩ රන්දෝඹේ, ගාල්ල මිද්දෙනිය, වාද්දුව එගොඩවැලෑගම නිවාස හතරක්, කින්නියා පොලිස් වසමේ නිවාස තුනකත් ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුව ඇත.

කෙසේ වෙතත් දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් එවන ලද වාර්තාවන්ට අනුව පෙරේදා (01දා) ගෑස් කාන්දු ආශ්‍රිත පිපිරීම් හා ගිනි ගැනීම් 35 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවකට අනුව පසුගියදා ගෑස් කාන්දු ආශ්‍රිත පිපිරීම් 30 ක් සිදුව තිබූ අතර පෙරේදා වනවිට එය 46 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ (02)දින වාර්තා වූ පිපිරීම් 21 ද සමගින් එය හැට හත දක්වා ඉහළ ගියේය.

Related posts

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

colombotoday

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී…

Admin

දුමින්දගේ ඉරණම තීන්දු කරන භාරත ඝාතන නඩුවේ අවසන් තීන්දුව තව පැය කිහිපයකින්

colombotoday

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

Admin

කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday