Colombo Today Local News

වායු රයිෆලයක් හා පතරොම් 129 ක් සමග හාලිඇල පාසලකට අනවසරෙන් ඇතුළුවූ 4ක් අත්අඩංගුවට

හාලිඇල ප්‍රදේශයේ විද්‍යාලයක දරු දැරියන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පවත්වන බව පවසමින් අනවසර වැඩමුළුවක් පැවැත්වීමට පැමිණි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී ගමන් කථන 03 ක් සහ වායු රයිෆලයක් හා ඒ සඳහා භාවිත කරනු ලබන පතරොම් 129 ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළය.

මෙම මනෝවිද්‍යාත්මක වැඩසටහන පැවැත්වීමට පැමිණි උපදේශකවරයා කළු පැහැති ඇඳුමින් සැරසී පුද්ගලික ආරක්ෂකයින් පිරිසක් සමග පැමිණ ඇති බවටත්, ඔවුන් ගමන් කථන සහ ගිනි අවියක් තබාගෙන සිටින බවටත් හාලිඇල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පසුව පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වැඩසටහන කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලබා ගෙන නොමැති බවයි.

එමෙන්ම මෙම වැඩසටහන මෙහෙය වන උපදේශකවරයා කිසිඳු ලියාපදිංචි ආයතනයක හෝ එවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දකු නොවන බව හෙළි වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් 04 දෙනා අද (2) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාසල් ළමුන් පිළිබඳ කටයුතු කිරීමේදී නොදන්නා පුද්ගලයින් මෙන්ම නොගැළපෙන ආකාරයේ පුද්ගලයින් පාසල් තුළට කැඳවා ගැනීමෙන් වළකින්නැයි, පොලීසිය නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.

Related posts

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

colombotoday

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

සමගියේ ආර්ථික කණු තුන ගැලවෙන ලකුණු

Admin

හෙරොයින් කිලෝ 8ක් සමගින් මුස්ලිම් ජාතිකයකු ගුවන්තොටුපලින් අත්අඩංගුවට

colombotoday

19 වන සංශෝධනය අහෝසි කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි- අගමැති

colombotoday

ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් ඇප අයදුම්පතක්..

Admin