Colombo Today Local News

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු විදේශ අමාත්‍යාංශය මගින් පිදෙන සුවිශේෂී සම්මානයකින් පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක, 2015-2018 කාලය තුළ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා – රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේඛම් වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පිදෙන සුවිශේෂී සම්මානයකින් පසුගියදා පිදුම් ලැබීය.

රුසියානු සමූහාන්ඩුව හා විදේශීය රාජ්‍ය සමග ද්වීපාර්ශික සම්බන්ධතා වර්ධනය කිරීමට රාජ්‍ය අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට රුසියානු සමූහාන්ඩුවේ විදේශ අමාත්‍යංශය හා ක්‍රියාකාරීව සම්බන්ධව කටයුතු කරන රුසියානු පුරවැසියන් හා විදේශීය පුරවැසියන් වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගිතාවය හා සම්බන්ධීකරණය වෙනුවෙන් මෙම සම්මාන ලබා දෙයි. මෙවර ශ්‍රී ලංකාවෙන් මෙම සම්මානය ලබා ගැනීමේ භාග්‍යය වෛද්‍ය සමන් වීරසිංහ මහතාට හිමිවුණි. ඒ අනුව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සඳහාවසර ගණනාවක් තුළ සිදුකල කාර්‍යභාර්‍ය අගයකරමින්, 2021 නොවැම්බර් 25 වන දින රුසියාවේ විදේශ අමාත්‍යංශයේදී, රුසියානු විදේශ අමාත්‍යංශය මගින් ලබා දුන් මේ සුවිශේෂී මෙම සම්මානය වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමන් හට පිරිනමන ලදී.මීට අමතරව “රුසියානු සමූහාන්ඩුවේ වීරයා” සම්මානයෙන් පිදුම් ලද අභය්‍යාවකාශගාමී වැලේරී තකාරෙව් මහතාද මෙකී රුසියානු විදේශ අමාත්‍යංශය මගින් ලබාදුන් සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට පෙර, ස්ලෝවේනියාව, ඉන්දියාව, ප්‍රංශය, බල්ගේරියාව යනාදී රටවලින් තෝරාගත් පුරවැසියන් සඳහා මෙම සම්මානය පිරිනමනු ලැබුවේ මිනිසුන් අතර සාමය, මිත්‍රත්වය සහ සහයෝගීතාව ආරක්ෂා කිරීම සඳහා ඔවුන් ලබාදෙන සැලකිය යුතු දායකත්වය වෙනුවෙන් ය.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන්, රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සම්මේලනයේ පාර්ලිමේන්තු සහ මහජන සංගම් විෂයයන් සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මැතිතුමන් විසින් මෙම සම්මානය වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමන් වෙත පිරිනමන ලදී.

මේ අවස්ථාව රුසියානු විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්, තානාපතිවරුන්, රුසියාවේ කීර්තිමත් පුද්ගලයන්, රුසියානු ඉහළ රාජ්‍ය නිලධාරීන්, රුසියානු හා විදෙස් මාධ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.

Related posts

හෙරොයින් ජාවාරමේ යෙදුණු මොහොමඩ් නිසාම්ට කොළඹ මහාධීකරණයෙන් මරණීය දණ්ඩනය

colombotoday

පිරවුම්හලක අයිතිකරු සහ සේවකයින් එක්ව පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

colombotoday

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

රජයේ අවශ්‍ය සහයෝගය දෙන්නේ නම්, පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්

colombotoday

අදත් තද වැසි – දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

අප්‍රේල් මුල සිට හයිලන්ඩ් කිරිපිටි යලි වෙළදපොලට

colombotoday