Colombo Today Local News

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16කට “සායනික මහාචාර්ය” පදවි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනකුට “සායනික මහාචාර්ය” පදවි පිරිනැමීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (26)දින පැවැති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 54 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා එම මහාචාර්ය පදවි පිරිනැමීය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.අයි. අමරසිංහ, එරන්දි සමරකෝන්, එම්.සදානන්දන්, එස්.එල්.එෆ්. අක්බාර්, එස්.කේ රණරාජා, සනත් ලැන්රෝල්, එස්.බී ඒකනායක,ගෞරි සෙන්තිල්නාදන්, එස්.ශිවසුමිත්රඩන්, රාණි සීතාම්භපිල්ලේ, දර්ශන ද සිල්වා, එම්.එන් ජිෆ්රි,ටී.කටොට්ගජන්, ක්‍රිෂාන් සිල්වා, නිශේන්ද්‍ර කරුණාරත්න, එච්.එම්.ජේ.එන්.හේරත් යන මහත්ම මහත්මීහු මෙලෙස සායනික මහාචාර්ය පදවි සහතික අග්‍රාමාත්‍යවරයාගෙන් ලබා ගත්හ.

මහාචාර්ය ඩී.ඒ රණසිංහ අනුස්මරණ දේශනය මෙහිදී මහාචාර්ය එස්.එච් දොඩම්පහල මහතා විසින් පවත්වන ලදි.

Related posts

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

සේරුවිල අත්පත්කරගැනීමට කුමන්ත්‍රණය කිරීම : මහමෙවුනාවේ අලුදෙණියේ සුබෝධි හිමි කල්‍යාණිවංශ නිකායෙන් නෙරපයි.

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday