Colombo Today Local News

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ.

එම නඩුව අද (26)දින කොළඹ මහාධිකරණයේදී නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ, ඉල්ලීමක් කරමින් නඩුවේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින වත්මන් පොලිස්පතිවරයාට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වත්මන් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

Related posts

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

සභාවේදී ගුටි ඇණගනී… විවේකයේදී කේක් කවාගනී… ජනතා නියෝජිතයෝ ජනතාව රවට්ටන හැටි – වීඩියෝ සහිතයි

colombotoday

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

Admin

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday

රටටම හොරෙන් මංගල සමරවීර කළ මහා පාවාදීම.. ඇමති මහින්ද සමරසිංහ හෙළිකරයි !

colombotoday

මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේ

colombotoday