Colombo Today Local News

යුගදනවි ඇමෙරිකාවට පැවරීම : මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරය සමාගමේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අදාළ පෙත්සම් අද (26)දින මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරිණි.

අදාළ පෙත්සම් ලබන සඳුදා (29දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

Related posts

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

colombotoday

ලක්ෂ 100ක අල්ලසක් ගන්න ගිය පරිසර අධිකාරියේ හිටපු සභාපතිට අධිකරණය දුන් නියෝගය

Admin

සීමා නිර්ණ වාර්තාව ඇමති මුස්තාපා ප්‍රතික්ෂේප කරයි

colombotoday

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ!

Admin

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday