Colombo Today Local News

මන්ත්‍රීවරුන් යහමගට ගන්න වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් කතානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කනගාටුව පලකරමින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

දිනකට ලක්ෂ ගණනක් වියදම් කර පාර්ලිමේන්තුව රැස්වන්නේ මේ රටේ ජනතාවගේ මුදලින් බව කතානායකවරයා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

එසේ තිබියදී සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය හා අශ්ශිල ප්‍රකාශ සිදුකිරීම එම සංවිධානය දැඩිවහෙළාදකින බව ද එම ප්‍රකාශ මගීන් ජනතාව දැඩි අපහසුතාවයට පත් වීම සම්බන්ධයෙන් කණගාටු පල කර සිටි.

කුඩා ළමයින් එම ප්‍රකාශ පිළිබදව විමසීමේදී දෙමාපියන් පත්වන අසීරුතාවය පිළිබදව ගරු පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් කුඩාකල විවිධ අතවරයන්වලට ලක්ව ඇති බොහෝ පුද්ගලයින් එවැනි අසභ්‍ය හා අශ්ශිල ප්‍රකාශ නිකුත් කිරීමට පෙළ‌ඹෙන බැවින් හා එම මන්ත්‍රීවරුන් යහපත්මගට ගෙන ඒම සදහා කිසියම් වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන ලෙසත් එම සංවිධානය කතානායක වරයාගෙන් ඉල්ලා සිටි.

Related posts

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

රහස් ඡන්දයේදී විපක්ෂයට අලුතින් 3ක් එක්වෙයි

colombotoday

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday

“දැන් රජයේ අයගේ ජඩ වැඩ වලට එදා දඩුවම් නොදුන් පව් තමයි මේ ගෙවන්නේ“ – හිටපු ජනපති කියයි

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin