ලංකාවේ පක්ෂ දේශපාලකයින්, සිංහල කළුසුද්දන්, මාක්ස්වාදි රොඩු, කොටින්ම කියනවා නම් රට කැබලි කිරීමට උල්පන්දම් දෙන පිරිස් 2012 මැයි මස බොදු බල සේනාව බිහිවූදා සිටම ඊට බිය වුයේ ඥානසාර හිමියන් ඉදිරිපත් කල “අනිත් හැමෝටම නායකයෙක් සිටියත් සිංහල බෞද්ධයාට නායකයෙක් නැත” යන මතවාදයය. එය ලැව් ගින්නක් සේ රට පුරා පැතිර ගියේය. මෙම මතවාදයේ බිම් මට්ටමේ යථාර්ථය නම්, කඹ වැණි පිරිත් නූල් අතේ බඳගෙන, අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ යයි කියමින් සිංහල දේශපාලකයින් විසින් කරන්නේ සිංහල බෞද්ධ ජනතාවට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකණවා කියන ආකාරයටය යන්නය.
මේ නිසා මීට පෙර බිහිවූ සීහල උරුමය, ජාතික හෙල උරුමයට කලා මෙන්, බොදු බල සේනා සංකල්පය විනාශ කිරීමට රටේ 1931 න් පසුව සිට ක්රියාත්මක වන දූෂිත දේශපාලන ක්රමයෙන් රැකෙන පිරිස් විවෘත හා හීතල යුද්ධයක් ආරම්භ කලේය. පෘතග්ජනයෙකු වශයෙන් හාමුදුරුවන්ගේ අඩුපාඩු හොයමින් මේ අය කුරුමානම් ඇල්ලුවේ කෙසේ හෝ උන්වහන්සේව කොටුකර බැඳ දැමීමටය, මිසිස් චන්ද්රිකාගේ වචනවලින් කියනවා නම් බල සේනාව බලු කූඩුවේ දැමීමය. මේ ප්රතික්රියා සමාන කල හැක්කේ, සැක සහිත ලෙස අපවත් වූ හාමුදුරුවරුන්ට වඩා, අනාගාරික ධර්මපාලතුමාට ඩී ඇස්ලා, ඩී බී ජයතිලකලා සුද්දන් සමඟ කල කෙනෙහිලිකම් වලටය.
මෙම කොටු කිරීමේ කුමණ්ත්රනය සඳහා රටේ අධිකරණ ආයතන යොදාගත් ආකාරය ලෝක ඉතිහාසයේම සිදුවූ කැත, අයුතු හා දුෂ්ට උදාහරණයකි. නඩුකාරයින්, නීතීඥයින්, නීතිපති යන අය හවුල්ව අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් උන්වහන්සේට දුන්නේ නඩු වාර්තාවේ අනිත් අයට ගරු, ගරු යයි ලියමින්, විත්තිකරුව නිකම්ම ඥානසාර යයි හඳුන්වාය.
මෙම ඇපැල් උසාවි තීරණයට විරුද්ධව සුප්රිම් උසාවියට යෑමට හාමුදුරුවන් කල ආයාචනය විභාග කල සුප්රිම් උසාවි නඩුකාරයින් තුන් දෙනාගෙන් දෙන්නෙක් ඊට අවසර නොදීමට තීරණය කලේය. ඉන් එක් අයෙක්වූ ප්රසන්න ජයවර්ධන ඔහු නීතිඥ සංගමයේ සිටිද්දී බොදු බල සේනාවට විරුද්ධව ක්‍රියාකළ අයෙක් විය. මේ බාර් එක කළු සුද්දන්ගේ හා විදේශ ඩොලර් ඒජන්තලාගේ තෝතැන්නකි.