Colombo Today Local News

බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි කමිටුවේ අතුරු වාර්තාවට කැබිනට් අනුමැති

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එහිදී කමිටුවට සහාය වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන තවත් තාක්ෂණික වෘත්තිකයන් දෙදෙනෙකු සාමාජිකයින් වශයෙන් පත් කිරීමට සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.

අදාළ නීතිරීති පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ කමිටුව පත් කිරීම සඳහා 2021 ඔක්තෝබර් මස 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙනු ලැබීය.

ඒ අනුව, සුජීව මුදලිගේ මහතාගේ සභාපතිත්වය යටතේ සාමාජිකයින් 8 දෙනෙකුගෙන් යුත් කමිටුවේ අවසන් වාර්තාව 2022 ජුනි මස 30 දින වන විට ඉදිරිපත් කිරීමටද එහිදී එකඟ වී තිබේ.

Related posts

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday

ඥානසාර හිමි කිසිවෙකුටවත් මරණ තර්ජන කලේ නෑ… බොදු බලෙන් පිළිතුරු

colombotoday

ජනපති – අගමැති ගැටුමෙන් මහබැංකුව සෙලවේ.. ආර්ථිකය තවත් අවුලට

colombotoday

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

colombotoday