Covid 19

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ්

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසුවේ පසුගිය දින තුන තුළ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම රෝගීන් හදුනාගත් බවයි.

ඒ අනුව එම සිසුන් 37දෙනා අඩ්ඩාලචේන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

මේ අතර පොතුවිල් පොලිස් ස්ථානයේ නිලධාරීන් 11දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, එම නිලධාරීන්ද ප්‍රතිකාර සදහා යොමු කර ඇත.

Related posts

නාගරික මන්ත්‍රීවරයෙක්ටත් කොවිඩ් අසාදිත බව තහවුරුවෙයි

colombotoday

බන්ධනාගාර රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත

colombotoday

ඩෙල්ටා රෝගියෙක් සිටි කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 14කට කොවිඩ්

colombotoday

ඇඟලුම් කම්හලක 120ට කොවිඩ් | පහකට ඩෙල්ටා ආසාදිතයි.

colombotoday

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 43ක් | 23ක් කාන්තාවන්

colombotoday