Colombo Today Local News

කුසලට අල්ලස් දෙන්න හැදුවේ නිරුපිකාවන් ලබා දෙන සෙල්ලක්කාර ධනපතියෙක් – Photos

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක් අතරවාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට තරග පාවාදීමට මුදල් ලබාදීමට උත්සාහ කර ඇත්තේ ගයාන් විශ්වජිත් නැමැත්තෙකු විසින් බව මේවන විට හෙළිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාල අය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල විදෙස්ගතවීමට පෙර පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉඟිකර තිබේ.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හඳුන්වා දී ඇත්තේ වේගපන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක විසින් බවද පැවසේ.

ගයාන්ව අනූෂ රැගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුව සඳහා පන්දු යැවීමටය.

මෙවැනි පන්දු යවන්නකු සම්බන්ධයෙන් කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු හෝ නොදන්නා අතරම මොහු කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩා නොකරන බවද පැවසේ.

රැකියාව නිරූපිකාවන් දීමයි

අදාල නාමික වේගපන්දු යවන්නාගේ ව්‍යාපාරය වන්නේ නිරූපිකාවන් ලබාදෙන ස්ථානයක් පවත්වාගෙන යාමයි.

අදාල ව්‍යාපාරයට අනූෂගේ බිරියගේ සහය ලැබෙන බවද වාර්තා වේ.

මැතිව්ස් – ලසිත් – කුසල් මොහුගෙ ගජයන්

මොහු BMW මෝටර් රථයක් භාවිතා කරන අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ප්‍රකටව ඇත්තේ සෙල්ලක්කාර ධනපතියකු ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් වන නායක ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා කුසල් ජනිත් පෙරේරා මොහුගේ කිට්ටු මිතරන් බවද ක්‍රිකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

(Sri Lanka Mirror)

Related posts

කසුන් කල්හාර සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් මලකඩ කාපු ඇඳක් උඩ මරණය එනකල් බලං ඉන්න තාත්තාව බලපන්

colombotoday

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ පිටත් කර හැරේ. – ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව (වීඩියෝ සහිතයි)

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday

තම අවසන් කටයුතු ගැන සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත! (Video)

colombotoday

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday