Colombo Today Local News

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

එල්.ටි.ටි.ඊ සංවිධානයේ මියගිය සාමාජිකයින් සිහිකරමින් මහ විරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් වවුනියාව මහේස්ත්‍රාත් එම්.එස්.සම්රූන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඇතුළු පුද්ගලයන් අටදෙනකුට තහනම් නියෝගයක් නිකුත් කළේය.

එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් අතුළු මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයන් වෙනුවෙන් නොවැම්බර් 20දා සිට 29 වැනිදා දක්වා සැමරුම් උත්සව සංවිධානය කිරීමට නියමිත බවත් එවැනි උත්සව ජාතික සමගියට බාධාවක්‍ බවට පවසමින් 1979 අංක 15 අපරාධ නඩුවිදාන සංග්‍රහය යටතේ එම වැඩසටහන් තහනම් කරන ලෙස වවුනියාව පොලිසිය වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලූ තහනම් නියෝගයට සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත්කරනු ලැබීය.

ඒ අනුව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්, යුද්ධයෙන් අතුරුදහන්වූන්ගේ සංගමයේ සභාපති කේ.ජයවනිතා, එම සංගමයේ ලේකම් ගෝපාල්ක්‍රිශ්ණන් රාජ්කුමාර්, හිටපු පළාත් සභා මන්ත්‍රී පි.සත්‍යලිංගම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන්, අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකයින් වන ගජන් ගජේන්ද්‍රන්, සෙල්වනායගම් අරවින්දන්, සුබ්‍රමණියම් තවබාලසිංහම් යන පිරිස වෙත මෙම තහනම් නියෝගය නිකුත්කොට තිබේ.

Related posts

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

වල්සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය දින 105කට පසු අවසන්

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

ලාංකිකයින්ටත් සිංගප්පුරුව තහනම්

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday