Colombo Today Local News

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලාංකිකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරන අතර මෙම ලැයිස්තුවට නම ඇතුළත්වීම ලොවපුරා විද්‍යාඥයන් දහසකින් එක් අයකුට හිමිවන අවස්ථාවක් බව ද ඇය කීවාය.

ගතවූ වසර 10ක කාලයකදී විද්‍යාඥයන් විසින් විද්‍යා වෙබ්වල පළකරන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට සැකසීම සිදුවන බව ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය.

ලොවපුරා පර්යේෂකයන් විසින් 2021 වසරේ දී, විවිධ ක්ෂේත්‍ර යටතේ පළකළ පර්යේෂණ පත්‍රිකා අතරින් විවිධ ක්ෂේත්‍ර වල පරීක්ෂණ සඳහා සුවිශේෂී බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්ෂණ පත්‍රිකා හිමි විශිෂ්ටතම පර්යේෂකයන් අතර ශ්‍රේණිගත වී සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන් අතිශයින් සතුටු වන නමුත් එම පර්යේෂණයන්ගෙන් රට ප්‍රයෝජනයක් නොගැනීම ගැන කණගාටුවක් ඇතැයි ද ඇය සඳහන් කළාය.

Related posts

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 29ක් අලුත් ආණ්ඩුවකට සහය පලකරයි… කොන්දේසි මෙන්න

colombotoday

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

සම්බාහනයට ගිය දොස්තරගේ ලක්ෂ 10ක් ගලවයි

Admin

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday