Colombo Today Local News

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

සමගි ජන බලවේගය පැවැත්වූ ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් පැමිණ රට නැවත වසා දැමීමට සිදු වුවහොත් එහි වගකීම විපක්ෂය බාරගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17)දින පැවැසීය.

සෞඛ්‍ය අංශ අනුමත කර නැති අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම ඉතා වැරදි ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

පොලිසිය වැඩ කරන්නේ දේශපාලඥයන්ගේ නියෝග මත නොවන බවත් පොලිසිය මේ අවස්ථාවේදී වැඩ කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව බවත් වීරසේකර මහතා කීවේය.

ලොකු කාර්යභාරයක් කරන පොලිස් නිලධාරීන්ට අවමන් කිරීම ඉතා වැරදි බව පැවසූ අමාත්‍යවරයා පොලීසියේ ආත්ම ගෞරවය කෙළෙසන අයට කිසිදු සමාවක් නොදෙන බවද සඳහන් කළේය.

පොලීසිය කරන්නේ ඉතාම දුෂ්කර කාර්යයක් බවත් කොරෝනා මර්දන කටයුතුවලදී සහ උද්ඝෝෂණ නැවැත්වීමට යෑමේදී පොලිස් නිලධාරීන් පහළොස් දහස් හත් සියයකට කොවිඩ් ආසාදනයවූ බවත් ඔහු පැවසීය.

කොවිඩ් ආසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 44 දෙනකු මිය ගොස් ඇතැයිද සරත් වීරසේකර මහතා කීවේය.

රට ගැන අංශු මාත්‍රයක් හෝ හැඟීමක් තිබේ නම් මෙවැනි ජන රැලි නවත්වා රට ගොඩනැගීමට වැදගත් දේශපාලඥයන් ලෙස රජයට සහය දක්වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

ගෝඨාභය රාජපක්ෂ රජය නිසා ආර්ථිකය කඩා වැටිලා- රනිල්

colombotoday

විශේෂඥ වෛද්‍යවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කරන බව නිතිපති අභියාචනාධිකරණයට දන්වයි

Admin

කළ වරදට සමාවන්න – පිටදූවේ සිරිධම්ම හිමි මල්වතු මහා නාහිමිට වැද සමාව ගනී (Video)

colombotoday

09 වනදා සිදුවීම ගැන මහින්දගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday