Colombo Today Local News

භික්‍ෂූන්ට විනය නීති පැනවීමේ අයිතියක්‌ රජයට ලැබුණේ කොහොමද? ගැටඹේ නාහිමියෝ විමසති

gatambe255බුදුන්වහන්සේට මිස භික්‍ෂූ නීතියක්‌ පැනවීමේ අයිතිය භික්‍ෂුවකට නැතිව තිබියදී භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතිය ජනමාධ්‍ය ඇමැතිවරයාට ලැබුණේ කෙසේද යන්න විමතියට කරුණකැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති අති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ පැවසූහ.

භික්‍ෂු ක්‍රියාකාරකම් පාලනය සඳහා නීති පැනවීමේ පනතක්‌ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව කරුණු දක්‌වමින් අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මෙසේද ප්‍රකාශ කරති.

එක්‌ එක්‌ කාලවලදී බොහෝ යෝජනා කාලෝචිතව ඉදිරිපත් වෙනවා. එහෙත් මෙම භික්‍ෂූන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක්‌. බෞද්ධ ශාසනික ප්‍රතිපදාව අනුව භික්‍ෂූන් සම්බන්ධ නීතිරීති ඇතුළත් යෝජනා ඇමැතිවරයකුට ඉදිරිපත් කළ නොහැකියි. එවැන්නක්‌ කළ යුත්තේ උත්තරීතර සංඝයා වහන්සේගේ කමිටුවක්‌ මඟින් පමණයි. භික්‍ෂූන් පිළිබඳ විනය නීති සියල්ල බුදුන් වහන්සේ විනය පිටකයෙන් පනවා තියෙනවා. විනය නීතියක්‌ පැනවීමට භික්‍ෂුවකටවත් අයිතියක්‌ නැත. බුදු රදුන් පරමවේලයික නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

භික්‍ෂුවගේ සෑම නොමනා චරියාවකටම විනය නීති රීති පනවා ඇති හෙයින් හා දඬුවම් නියමකර ඇති හෙයින් විනය ප්‍රතිබලසම්පන්න සුපේෂල ශික්‍ෂාකාමී මහා සංඝයා වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට එම යෝජනා සම්මුති සංඝයා එක්‌වී බෞද්ධ නීතියට අනුගතව නීති ප්‍රතිපාදනය කොට කතිකාවතක්‌ ලෙස රාජ නීතියට ද අනුකූලව කතිකාවතක්‌ ලෙස. ඉදිරිපත් කළ හැකිය.

ඒ හැර භික්‍ෂූන් සඳහා නීති පැනවීමට ගිහියන්ට ඇති බවක්‌ හෝ ඉඩකඩක්‌ හෝ ඇති බවක්‌ ශාසන ඉතිහාසයේත් විනය පිටකයේත් සඳහන් වී නැත. ගිහියන් එක්‌වී සංගායනාවක්‌ද පවත්වා නැත.

Related posts

“පොලීසිය කියන“ සේයා ඝාතනයේ අලුත් සැකකරුවා කියන අලුත් කතාව

colombotoday

මැති ඇමති, නිලධාරී රට ගමන්, වාහන මිලදී ගැනීමට කෝටි 1100ක පරිපූරකයක් පාර්ලිමේන්තුවට !

colombotoday

ජවිපෙ 20ට ශ්‍රීලනිපය විරුද්ධ වෙයි…

colombotoday

ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Admin

“පංචවිධ කාර් ඇඩ් එකේ කී පරිදිම, ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා“ මුදල් ඇමති

colombotoday

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday