Colombo Today Local News

යාපනයේ භූගත ජල උල්පත් වලට කලූ තෙල් මුසු වෙයි. පිපාසයට ජල බිඳක් නැතිවෙන ලකුණු

යාපනයේ අනවසරයෙන් පවත්වාගෙන යන ගරාජයකින් අවිධිමත් ලෙස පිටකරන අප ජලය හේතුවෙන් භූගත ජල උල්පත් දූෂණය වීමේ තත්ත්වයක් ඇති වී තිබේ.

මෙකී ගරාජය යාපනයේ කස්තුරියර් හන්දියේ (රෝයල් ඇකඩමිය ඉදිරිපිට) පවත්වාගෙන යන අතර මෙම තත්ත්වය තව දුරටත් පැවැතිය හොත් යාපනයේ ජීවත්වන ජනතාවට බීමට ජලය බිඳක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවට වාර්තා වෙයි.

වර්ෂා කාලවලදී මෙහි නිතර ගංවතුර තත්ත්වයන් ඇතිවන අතර ගරාජයෙන් අවිධිමත් ලෙස පිටකරන තෙල් ගංවතුර හා මිශ්‍රව ප්‍රදේශයේ බොහෝ දුරකට පැතිරී යාම හේතුවෙන් ජල උල්පත් මෙන්ම පරිසර දූෂණයද සිදු වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් වෙත කිහිප වතාවක්ම දැනුම්වත් කළ ද මේ තාක් නිසි පිළියම් යොදා නැති බව ප්‍රදේශවාසීහූ කියති.

Related posts

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

colombotoday

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

අයි.එම්.එෆ් ණය මේ වසරේදී ලැබෙන්නෙ නැහැ

Admin

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

colombotoday

සැකකරු පොලිස් ජිප් රථයෙන් පලා යයි – පීසිගේ වැඩ තහනම්

Admin

බද්දේගමදී “ජන සටන” ඇවිලෙයි.. අමරවීරට හූ තියයි.. රනිල් එක්ක දීග ගිහින් ශ්‍රීලනිපය ‍ගොඩ ගන්න බෑ කියයි

colombotoday