Colombo Today Local News

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාර නාකොටික් නිලධාරීන්ට හෙරොයින් ඡාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂාව සැපයූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වසර එකහාමාරකට ආසන්න කාලයක් එහි රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක කේ. අජිත් ප්‍රේමලාල් නැමැත්තා එම නඩුවෙන් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 29 වැනි සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම නිලධාරියා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම මත ඔහු මෙම නඩුවෙන් මුදා හරින ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

හෙරොයින් ජාවාරම සදහා සම්බන්ධ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මස 18 වැනිදාය. එදින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මොහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ අතර කිසිදු අවස්ථාවක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණේ නැත.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 305602 දරන නඩුවෙන් මෙම සැකකරු නිදහස් කළ අධිකරණය ඔහු එම නඩුවෙන් මුදා හැරීය.

මෙලෙස නිදහස් කළේ, ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කදවුරේ සංවිධානාත්මක අපරාධන මර්දන ඒකකයට අනියුක්තව රාජකාරි සිදුකළ කේ. අජිත් ප්‍රේමලාල් නැමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි.

Related posts

පොහොට්ටුවට එක්වෙනවාද? නැද්ද? තීන්දුව ජනපති අතේ

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin

අලුත් වනජීවී ඇමති සහ උප ඇමති නිසා වන ජීවීනුත් අවදානමේ !

colombotoday

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ඉතිරි ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශවලට බාරවෙන්න, අපි රජය සමග එක්වී පුණරුත්ථාපනය කරනවා – උලමා සභාව

colombotoday