Colombo Today Local News

ලිංගික අල්ලස් ඉල්ලූ OIC කූඩුවට

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලින්ද උපුල් පතිරත්න නැමැත්තා පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පැමිණිල්ල අද (10)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව, සැකකරු ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිය සැමියාගේ නීත්‍යානුකූලව වෙන් වී සිටින කාන්තාවකගේ ඉඩම් ආරවුලක් ඇයට පක්ෂපාති අයුරින් විසඳාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් හා ලිංගික අල්ලස් ඉල්ලූ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් එම සැකකාර පොලිස් පරික්ෂවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7කට ස්ථාන මාරුවීම්

colombotoday

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday

උන්හිටිතැන් අහිමිවූ සාලාවේ වැසියන්ට යහපාලන ගොනා අනී.. පාරවසා උද්ගෝෂණ කළාට නඩු !

colombotoday

නිශ්පාදක සුමන්තිරන්, අධ්‍යක්ෂක රනිල්, කරු නළුවෙක් පමණයි…

colombotoday

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

Admin