Colombo Today Local News

පා.ච රණවකට විරුද්ධව මහින්දානන්ද CID යයි.

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වැඩි මිලට ශ්‍රී ලංකාවේ ගොවියාට විකුණන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට පැමිණ ඇති බව වාර්තාවේ.

ඊයේ(09) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරන බවයි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට‍්‍රජන් ආනයනයේ දී කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රුපියල් බිලියන අටක් වංචා කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා චෝදනාව එල්ල කරණු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ අදාල ඉන්දීය  සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ නැනෝ යූරියා වල මිල ගණන් බවත් ගෙන්වන ලද්දේ නැනෝ නයිට්‍රජන් බවත් සඳහන් කළේය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ එම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර මිල බවත්ය.

කෙසේ වුවද ඉන්දීය සමාගම නිෂ්පාදනය කරණ නැනෝ යූරියා දියර පොහොර ඉන්දීය රුපියල් 240 ක මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 645 ක පමණ වන බවද පැවසේ.

Related posts

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

colombotoday

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරේ

colombotoday

එට්කා ඉක්මනින් අවසන් කරනවා අනුර ලගින් තබාගෙන මෝදි කියයි

Admin