Colombo Today Local News

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 105කට බලපෑම් එල්ල වී තිබේ.

ඉන් පවුල් 8820කට අයත් පුද්ගලයින් 23,638 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ හේතුවෙන් නිවාස 18ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 960කට අර්ධ හානි සිදුව තිබේ.

පීඩාවට පත්වූ පවුල් 385ක පුද්ගලයින් 1671 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක මේ වන විට රඳවා ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික 11ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රි 09.00 දක්වා දීර්ඝ කර තිබේ.

Related posts

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික වැටුප රු. ලක්ෂයට බස්සයි… වියදම් අවම කිරීමට ජනපති නියෝග !

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය සිදුකිරීමෙන් අධිකරණයට අපහාස කලා. ඥානසාර හිමිට නොතීසි

colombotoday

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin