World

ඉතියෝපියාවේ අගනුවර බලය ඇල්ලීමට ටයිග්‍රේ කැරලිකරුවන් ඇතුල් වෙයි

හිටපු සොල්දාදුවන්ට යළි හමුදාවට එක්වෙන ලෙස ඉතියෝපියානු රජය ඉල්ලීමක් කර තිබේ.

ටයිග්‍රේ කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ට යළි හමුදාවට එක්වන ලෙස ඉල්ලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා දෙසට මේ වනවිට කැරලිකරුවන් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට කඩිනමින් එරටින් පිටත්ව යන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම්දී ඇත.

කෙසේවෙතත් පවතින තත්ත්වයට මුහුණදීම සඳහා අගමැති අබි අහමඩ්ගේ, පැය කිහිපයක් තුළ ආණ්ඩු විරෝධි සංවිධාන 9ක් සමග සන්ධානගතව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

colombotoday

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

Admin

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin