Colombo Today Local News

අලුත්කඩේ ඉර්ෂාඩ් ඝාතනය කර සිරුර කැලණියේ දමා ගිහින්. විමර්ශන්‍වලදී කරුණු රැසක් හෙළිවෙයි

පසුගිය 26 වැනිදා අලුයම වනවාසල පොසොන්වත්ත ප්‍රදේශයෙන් හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන්‍වලදී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

මියගොස් තිබුණේ අලුත්කඩේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් ඉර්ෂාඩ් නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.

මුදල් ආරවුලක් නිසා මිතුරන් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදුකළ පහරදීමකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔහුව ඝාතනය කර වනවාසල පොසොන්වත්ත ප්‍රදේශයට මෝටර් රථයකින් ගෙනැවිත් දමන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් පොලීසිය අද (05)දින මාධ්‍යයට නිකුත් කළේය.

සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන පෑලියගොඩ අපරාධ අංශය හා කැලණිය කොට්ඨාස අපරාධ අංශය මගින් ක්‍රියාත්මක කෙරේ.

Related posts

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

colombotoday

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

colombotoday

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday

ගෑස් මිල සංශෝධනය අද

Admin

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

colombotoday