Colombo Today Local News

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනීමේ කටයුතු සඳහා විශේෂඥ සහය ලබා ගැනීමට තීරණය කර තිබේ.

එම විශේෂඥයා අදාළ කටයුතු සඳහා යොදා ගැනීම දත්ත පද්ධතිය භාරව ක්‍රියාකළ ආයතනය මගින් සිදුකරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

ඒ අනුව, ඒ සඳහා සුදුසු විශේෂඥයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට යෝජනා වී තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, ඉන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් දෙදෙනා විදෙස් ජාතිකයින් ය.

ඉන් සුදුසු වි‍ශේෂඥයා තෝරා ගැනීම අමාත්‍යාංශය පත්කළ කමිටුව මගින් සිදු කරනු ඇති.

දත්ත යළි ලබා ගැනීමේ කටයුතුවලට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ද, මේ වන විට අවසන් කර ඇති බව ඔහු පවසයි.

එම කටයුතු සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් දත්ත පද්ධතිය භාරව සිටින සමාගම සැලැස්මක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා කමිටු අනුමැතිය හිමිවීමෙන් පසු, දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කෙරෙන බව ද, ඔහු පවසයි.

දත්ත යළි ලබා ගැනීම පිළිබඳ සියලු කටයුතු ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව ලේකම්වරයා සඳහන් කරයි..

එම කටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ වනු ඇතැයි ද, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

මිරිස්කුඩු ප්‍රසන්නගේ චන්ඩි පුතා ප්‍රහාරයට ගිය වන්ඩිය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ

colombotoday

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday

තමන් බොරු සාක්ෂි දුන් බව කොටි සාමාජිකයා අධිකරණයේදී කියයි.. කොමදෝරු දසනායකගේ නඩුව උඩු යටිකුරු වෙයි

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin