Colombo Today Local News

පැන්ඩෝරා විමර්ශනයේ අතුරු වාර්තාව ජනපතිට

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියාවන තිරුකුමාර් නඩේෂන් මහතා සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ස්වභාවය ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළේ එම විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි.

තිරුකුමාර නඩේසන් මහතාගේ බැංකු කටයුතු සහ රාජ්‍ය ආයතන මගින් ලබා ගත් ලියකියවිලි විමර්ශන කණ්ඩායම් අධ්‍යනය කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.

මේ අතර බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාගෙන්ද පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය කෙරුණු තොරතුරු පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇත.

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය කෙරුණු තොරතුරු පිළිබඳව යම් ප්‍රකාශයක් ලබාදීමට අවසර දෙන්නැයි රංජන් රාමනායක මහතා පසුගියදා ඉල්ලීමක්ද කළේය.

Related posts

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

colombotoday

මාකදුරේ මදූෂ් හෙරොයින් සමග කොටුවූ අවස්ථාව… ඩුබායි හිටියොත් මරණ දඩුවම… ලංකාවට ගෙනාවොත් ඇප?

colombotoday

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Admin

නාමල්ගේයැයි කියා FCID අත්අඩංගුවට ගත් මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

colombotoday