Colombo Today Local News

පළාත් අතර සංචරණයේදීත් එන්නත් ලබා ගත් කාඩ් පත අනිවාර්ය කරන්න – මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් යෝජනාවක්

පළාතකින් පළාතකට සංචාරය කිරීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සහතික කරන කාඩ්පත ළග තබා ගැනීම අනිවාර්ය කිරීමට රජයට යෝජනා කරන බව රාගම වෛද්‍ය පිඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

එලෙස එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ විද්‍යාත්මක පදනමක් ඇති බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මේ මගින් පළාතකින් පළාතකට සංචාරය කිරීමේදී ජනතාව වගකීමෙන් කටයුතු කරන බවත් විශේෂයෙන් තරුණ පිරිසට එන්නත ලබා ගැනීමට පෙළඹවීමක් සිදුකරන බවත් හෙතෙම කියයි. මේ වන විට ලොව වෙනත් රටවල ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම සඳහා එන්නත් කාඩ්පත අනිවාර්යය කර ඇති අතර එමගින් කොවිඩ් ව්‍යාප්තිය අවම කරගනිමින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇත.

එසේම මුව ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමටද කටයුතු කළ යුතු බව මහාචාර්යය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කළේය.

Related posts

ගුරු වෘත්තිය සමිති හා අධ්‍යාපන ඇමති අතර අද විශේෂ සාකච්ඡාවක්

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday

අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනි

colombotoday

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday