Colombo Today Local News

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

දෙසැම්බර් මස අවසානය දක්වා සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටත්, සීනි පාලන මිල අද (03)දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය ඊයේ (02)දින තීරණය කර ඇත.

මුදල් අමැති බැසිල් රාජපක්ෂ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

දෙසැම්බර් මස 31 වැනිදා දක්වා විදේශීය රටවලින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීමට මුදල් ඇමැතිවරයා අවසර ලබා දී ඇත. එලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් සීයකට ලබා දිය හැකි බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටි.

වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් දෙසීය නිදහස් කිරීමෙන් පසු සීනි මිල තවත් අඩු විය හැකි බවද ආනයනකරුවන් ප්‍රකාශ කර තිබේ.

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 976ක් වරායේ සිර වී ඇති බව ආනයනකරුවන් මෙහි දී පෙන්වා දී ඇත. ඒ ඩොලර් හිඟය හේතුවෙනි. එම කන්ටේනර් නිදහස් කිරීමට ඇමරිකා ඩොලර් මිලියන දහසයක් අවශ්‍ය බව ආනයනකරුවන් පෙන්වා දී ඇත. එම මුදල් කඩිනමින් වාණිජ බැංකු වෙත නිදහස් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එකඟ වූ බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටි.

මේ අතර සිමෙන්ති හිඟය මග හැරවීම සඳහා සමාගම් තුනකට සිමෙන්ති මෙට්‍රික් ටොන් තිස්දහසක් ඇසුරම් කර ආනයනය කිරීමටද මෙහි දී අවසර ලබා දී ඇත. මෙම සමාගම් තුන මෙතෙක් සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර ඇසුරුම් කර තිබේ.

Related posts

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වනදා මෙරටට

colombotoday

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඇතැම් පිරිස් බොරු කියමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවකට යොමු කරනවා

colombotoday

හමුදා තරුණිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා

Admin

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

Admin