Colombo Today Local News

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දියන් සාගරයට න්‍යෂ්ටික සබ්මැරීන නිතර ඇතුළුවීම, න්‍යෂ්ටික අවි තරගය උත්සන්න වීම, ඇතැම් අධිපතිවාදීන් කල්ලි ගැසී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට පැත්තක් ගැනීමට බල කිරීම යන කරුණු හේතුවෙන් ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවට විශාල ආරක්ෂක අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බව චීනය ප්‍රකාශ කරයි.

කොළඹ චීන තානාපති ෂී ෂෙන්හොං විසින් ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) පිළිබඳව සම්පාදනය කර ඇති ලිපියක් මගින් මේ බව පෙන්වාදී ඇත.

එබැවින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය බරපතළ ලෙස හෑල්ලු කරන, ආයුධ තරගය වේගවත් කරන, සහ අන්තර්ජාතික න්‍යෂ්ටික අවිහරණ ප්‍රයත්නයන් අඩපණ කරන එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල මෙම නරක හැසිරීම කෙරෙහි අන්තර්ජාතික ප්‍රජාව, විශේෂයෙන් කලාපීය රටවල් දැඩි අවධානයක් යොමු කළ යුතු අතර අධිෂ්ඨානශීලීව ඊට විරුද්ධ විය යුතු බවද එම ලිපියේ සඳහන් වේ.

ලෝකය න්‍යෂ්ටික අවිවලින් නිදහස් කිරීම සඳහා න්‍යෂ්ටික අවි තහනම් කර, කාලයත් සමග මුළුමනින්ම විනාශ කළ යුතු බව චීනය විශ්වාස කරන බවත්, චීනය සෑම විටම සිය න්‍යෂ්ටික බලය ජාතික ආරක්ෂාවට අවශ්‍ය අවම මට්ටමින් පවත්වා ගෙන ගොස් ඇති බවත් එම ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

වික්ටර්ගේ බිරිද පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු! – ජාතික සමුළුව අද

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ පැටලෙයි

colombotoday

හරීන් ඇමතිකමෙනුත් පක්ෂ තනතුරිනුත් ඉවත් වෙයි

colombotoday

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

colombotoday