World

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළු පරිශ්‍රයට ප්‍රවේශ වීමට රෝද පුටුවකින් පැමිණි ඊශ්‍රායල් අමාත්‍යවරියකට අවස්ථාව අහිමිව තිබේ.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත කණ්ඩායම සමග පැමිණි එම අමාත්‍යවරියට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවති සමුළුවට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා සංවිධායකයින් පහසුකම් සලසා නොතිබීම හේතුවෙන් බව වාර්තා වේ.

පැය 2ක පමණ කාලයක් ශාලාවෙන් පිටත රැදී සිටි ඊශ්‍රායල් අමාත්‍යවරියක වන කැරීන් එල්හරා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම සංවිධායකයින් වෙත මේ පිළිබඳ පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.

අද (02)දිනය තුළ අදාළ අමාත්‍යවරියට සමුළු පරිශ්‍රයට ඇතුළු වීමට අවස්ථාව අහිමි වුවහොත් තම කණ්ඩායමද ඊට සහභාගී නොවන බව ඊශ්‍රායල් නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබේ.

Related posts

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

දහස් ගණනින් අනවසර සංක්‍රමණිකයන් යුරෝපයට – ගුවනේ සිට ගත් වීඩියෝව

colombotoday

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

colombotoday

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday