Colombo Today Local News

ජීව උණ්ඩ 100ක් සමග අත්අඩංගුවට ගත් අමෙරිකන් ජාතිකයා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

දිගන ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක තිබී ජීව උණ්ඩ 100 ක් , වායු රයිෆල් ඇතුළු භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් අමෙරිකානු පුරවැසියා ඇතුළු සැකකරුවන් දෙදෙනා තෙල්දෙණිය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එල්.ජේ.වී. ප්‍රනාන්දු මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

අදාළ උණ්ඩ ඇතුළු භාණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විසින් පසුගිය 30 වැනිදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිණ.

ඔවුන් රැඳී සිටි නිවසේ තිබී ස්වයංක්‍රීය ගිනිඅවි සඳහා යොදන ජිව උණ්ඩ 100 ක්, ජංගම දුරකථන 04 ක්, යතුරුපැදි 04 ක්, රුපියල් ලක්ෂ 06 කට අධික මුදලක් ඇතුළු සොර බඩු රැසක් සොයා ගත් බව තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශය, බී වාර්තාවක් මගින් තෙල්දෙණිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය.

සිද්ධිය පිළිබඳව විවෘත පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අත්අඩංගුවට ගන්නා ලද ජීවඋණ්ඩ රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Related posts

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බව සජිත් කියයි

colombotoday

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin

“සජිත් ප්‍රේමදාස බුදු දහම විකෘති කරයි”

colombotoday

QR ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන දැනුම් දෙයි

Admin