Colombo Today Local News

ජනපති ස්කොට්ලන්තයට යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ, ස්කොට්ලන්තය බලා අද(30) අලුයම පිටත්ව ගියේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දේශගුණික විපර්යාස සහ ඊට මුහුණදෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව හෙට(31) සිට නොවැම්බර් 12 වැනිදා දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වෙන බවයි.

නොවැම්බර් මස 01වැනිදා සහ දෙවැනිදා ලෝක නායකයින්ගේ සමුළුව සඳහා වෙන් කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව රටවල් 197 ක රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයින්, විද්වතුන් , ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන් දහසක් පමණ සහභාගී වෙයි.

ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක , ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ,විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Related posts

පොලිස් පොලු හරඹ වලට එරෙහිව ජපුර සිසුන් විරෝධතාවක, පාරවල් අවහිරයි.

colombotoday

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

අද සවස 6.00 සිට සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

colombotoday

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ අරඹයි

colombotoday