Colombo Today Local News

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි සමග තිදෙනෙකු කොටු

රත්ගම සහ ඇහැලියගොඩ ප්‍රදේශවල කළ වැටලීම්වලදී ගිනි අවි 02ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුලි 21 වැනිදා රත්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සතුව තිබී එක් ගිනි අවියක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, 24 සහ 27 හැවිරිදි සැකකරුවන් සතුව තිබී කඩුවක් ද පොලිස් භාරයට ගත් බවය.

ඔවුන් රත්ගම සහ බූස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මේ අතර ඇහැලියගොඩ ,මිටිපොල ප්‍රදේශයේ විදේශ රටක නිෂ්පාදිත බොර 12 වර්ගයේ ගිනි අවියක් සමග 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් පිරිසක් කළ වැටලීමකින් ය.

සැකකරුවන් ගාල්ල සහ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

තොණ්ඩමන් ආණ්ඩුවට…

colombotoday

බැඳුම්කර මඟඩියේ බිලියන ගාණක් රටින් පන්නන සූදානම්

colombotoday

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

colombotoday

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

colombotoday