Colombo Today Local News

ගිරිතලේ බුද්ධි කඳවුරට සීල් තබයි! ත්‍රස්තවාදී ඔත්තුකරුවකු වෙනුවෙන් හමුදා කඳවුරක් සීල් තැබූ ඉතිහාසයේ ප්‍රථම වතාවයි

girithale 123අප්‍රකට මාධ්‍යවේදී කුප්‍රකට එල්ටීටීඊ ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ සදහා යුද හමුදා පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ගිරිතලේ යුද හමුදා බුද්ධි බළකායේ කදවුරට ගොස්, අදාළ ලියකියවිලි ඇතැයි පැවසෙන අංශය සීල් තැබීමට පියවර ගෙන ඇත.

විමර්ශන කටයුතු සදහා යුද හමුදා පොලිස් කණ්ඩායමක් හා යුද හමුදා නීති ශාකාවේ කණ්ඩායමක්ද ඇතුළත් වේ. එම නිලධාරීන් හට ගිරිතලේ බුද්ධි බළකා කදවුරේ ඇති ලිපිගොනු පරීක්ෂා කර විමර්ශන කිරීමට උපදෙස් දී ඇතැයි නැගෙනහිර බුද්ධි ප්‍රධානියෙක් අනාවරණය කර ඇත.

මේ අතර 2009 වසරේ සිට 2012 වසර දක්වා ගිරිතලේ කදවුරේ සේවය කළ සියළුම නිලධාරීන් හා සෙසු නිලයන් හට ගිරිතලේ හමුදා කදවුර වෙත පැමිණ යුද හමුදා පොලීසිය වෙත ප්‍රකාහ ලබාදෙන ලෙසද හමුදා මූලස්ථානයෙන් භයේ 12 නියෝග කර තිබේ.

යුද හමුදා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වූ පළමු වතාව මෙය බවත් මිලේනියම් සිටී විමර්ශනයේදීවත් හමුදා කදවුරුවලට සීල් තැබීමක් වාර්තා නොවූ බවත් යුද හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීහු ප්‍රකාශ කරයි.

මෙය ජාතික ආරක්ෂාවට තර්ජයනයක් විය හැකි බවත් බුද්ධි අංශ නිලධාරීන් මානසිකව ඇද වැටීම මගින් බුද්ධි බළකාය අර්බුදයකට ලක්විය හැකි බවත් එකී නිලධාරීහු අවධාරණය කළහ.

මේ අතර ගිරිතලේ සන්නද්ධ බුද්ධි බළකා කදවුර විසින් පවත්වාගෙන ගිය ලේඛන 14කට අදාළ තොරතුරු පැමිණිල්ල වෙත ලබාදෙන ලෙසට දන්වමින් පසුගිය සැප්තැම්බර් 28 වනදා අධිකරණය මගින් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබූ අතර මෙතෙක් එයට නිසි ප්‍රතිචාර නොදක්වා ඇති බව නීතීඥයන් විසින් අධිකරණයට කරුණු දක්වා ඇති අතර ඒ අනුව අධිකරණ නියෝග කඩකර ඇත්නම් යුද හමුදාපතිවරයා විත්ති කරුවකු කර නඩු පවරන ලෙසද ‍හෝමාගම මහෙස්ත්‍රාත් රංග දසනායක මහතා පෙරේදා 11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීය.

Related posts

ඉන්දියාවෙන් පැන ආ තවත් අයෙක් මුල්ලියාවේලි දී සොයාගනී

colombotoday

නීතියට එකග නෑ, ව්‍යවස්ථාවටත් පටහැනියි “ඔබට මෙහෙ නඩු අහන්න බෑ“ – හිටපු ජනපති ජපන් විනිසුරුට කියයි

colombotoday

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

ඩොලර් ලක්ෂ තුනක් ආයෝජනය කළොත්, විදේශිකයන්ට මෙරට වීසා

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

කොටි ත්‍රස්තවාදීන් දහසක් ජර්මනිය තුළ ක්‍රියාත්මකයි.. ජර්මානු බුද්ධි සේවා හෙලිකරයි

colombotoday