Colombo Today Local News

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

ගලෙන්බිදුණුවැව අනුරාධපුර මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු මිය ගොස් බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.
මෙම මාර්ගයේ අලුතින් ඉදිකරමින් ඇති පාලමකට වැටි මෙම අනතුර පසුගියදා(22) සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ අංක 158 උල්පත්ගම ග්‍රාම සේවා වසමේ, වෙලේ ගෙදර උල්පත්ගම ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ රාජේෂ් වසන්ත බණ්ඩාර නැමැති ගුවන් හමුදා සෙබලෙකි.

මෙම සෙබලා සේවයෙන් නිවාඩු ලබා නිවසේ සිට ගලෙන්බිදුණුවැව නගරය වෙත ගොස් නැවත පැමිණෙමින් සිටියදී අනතුරට පත්ව ඇත.
මිය පුද්ගලයා විසින් පදවන ලද අංක NC,MZ 0090 දරණ යතුරුපැදිය වේගය පාලනයෙ කර ගැනීමට නොහැකිව ගලෙන්බිඳුනුවැව නගරයේ සිට අනුරාධපුර දක්වා දිවෙන මාර්ගයේ ගලෙන්බිඳුනුවැව නගරයේ සිට මීටර් දෙසීයක් පමණ දුරින් අලුතින් මාර්ගය හරහා ඉදිවන ලද පාලමට ඇද වැටීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය අනාවරනය කරගෙන ඇත. මෘත දේහය යකල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයින් හට භාරදීමට රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර ඇත.

ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ අලුතින් ඉදිකරන පාලමේ ආලෝක සංඥා නොමැති කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් මේ ස්ථානයේ රාත්‍රි කාලයට එම ස්ථානයේන් යන අයකුට දර්ශනය වන අයුරින් අලෝක සංඥා නොමැතිවීම ගැන හා නුදුරේම යම් අනතුරක් විය හැකි බව අදාළ අංශ දැනුවත් කර තිබුනත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය කිරීම් හා අලුත්වැඩියා කිරීම් ක්‍රමානුකුලව ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් වටිනා ජීවිත රැසක් නිකරුනේ රටට අහිමි වේ.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

සා.පෙළ විභාගය මැයි

colombotoday

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව ප්‍රශස්තයි – මහින්ද

Admin