Colombo Today Local NewsUncategorized

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා පවසන්නේ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලැබෙනු ඇති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී විශේෂයෙන්ම තීරණය කර තිබෙනවා උපකාරක පංති ආරම්භ කරන්න ළමයි 100ට වඩා අඩු උපකාරක පංති. ඒ සඳහා සෞඛ්‍ය නිර්ණායක ඉක්මනින්ම හදලා ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් පළමුවෙනිදායින් පසුව උපකාරක පංති 100ට අඩු සීමාව තුළ ආරම්භ කරන්න. ඒ අනුව ඉතා ඉක්මනින් එළඹෙන 25වනදා වන විට කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක අපිට ලැබෙයි. ඒ අනුව අපි උපකාරක පංති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”

Related posts

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

colombotoday

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ..

Admin

ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුමට එරෙහිව වෘත්තිකයන්ගේ නැගිටීම මාධ්‍යයෙන් කැපේ

colombotoday

ගුවන් හමුදාවේ ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම්

Admin