Colombo Today Local News

කීරි සම්බා 50කින්, සම්බා-නාඩු 15කින් යළි ඉහළ දමයි

සහල් සඳහා පාලන මිල ඉවත් කර මාසයක් ගතවීමටත් ප්‍රථම මෝල් හිමියන් විසින් කීරිසම්බා කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් පනහකින් ඉහළ දමා ඇත. ඊට සාපේක්ෂව නාඩු සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15කින් ඉහළ දමා තිබේ.

මේ අතරම එම වී මිලද රුපියල් 10 සිට 30 දක්වා මිලකින් ඉහළ දමා ඇත.

පසුගිය සැප්තැම්බර් 26 දින සහල් සඳහා පනවා තිබූ පාලන මිල වූ නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 98ක්ද සම්බා රුපියල් 103ක්ද කීරිසම්බා රුපියල් 125ක මිලකට අලෙවි කිරීමට පනවා තිබූ නීතිය ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කෙරිණි. ඒ සමගම සැප්තැම්බර් 28 දින ප්‍රකට මෝල් හිමිකරුවකු වන ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ මින් ඉදිරියට නාඩු සහල් තොග රුපියල් 110කටත්, සම්බා 130කටත් කීරි සම්බා 160කටත් අලෙවිකරන බවයි.

එහෙත් මාසයක් ගතවීමටත් ප්‍රථම මේ වන විට නාඩු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 125කටත්, සම්බා රුපියල් 150කටත්, කීරි සම්බා රුපියල් 210කටත් තොග අලෙවි කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම සහල් සිල්ලරට අලෙවි කෙරෙන්නේ තවත් රුපියල් දහයක් පහළොවක් වැඩි මිලටය.

මෙසේ ප්‍රධාන මෝල් හිමියන් සහල් කරනු ලබන්නේ මීට කන්න දෙකකට පෙර මිලදී ගත් වී වන අතර එමගින් වැඩි සහල් ප්‍රතිශතයක් ලැබීම නිසාවෙනි. එහෙත් ඔවුන් වර්තමානයේ වෙළෙඳපොළේ වීවල මිල අනුව සහල් මිලද ගණනය කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ පවසති.

Related posts

මන්ත‍්‍රීවරුන් 5ක් එජාපයෙන් නෙරපයි

colombotoday

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

colombotoday

සේරුවා විල අර්බුදයට යටින් උල්පන්දන් දෙන්නේ අලි සබ්‍රි | පිනට හම්බවෙච්ච ඇමතිකම. | පත්වෙච්ච දවසේ ඉදන් හරි වැඩක් කලේ නෑ.

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday

ඉරාජ් වීරරත්න, රහත් වුනායැයි කියන සිරිධම්ම හිමිගේ ගෝලයෙක් ?

colombotoday