Colombo Today Local News

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

ඉතා වේගයෙන් වටිනාකම පහත වැටෙමින් ඇති රුපියල ආරක්ෂා කිරීම සඳහා බෙල්ජියමේ ආයෝජකයෙක් ඇමෙරිකානු ඩොලර් බිලියනයක තැන්පතුවක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉදිරිපත් වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසූ බව රොයිටර් පුවත් වාර්තා කරනවා.

එම ආයෝජකයාගේ තොරතුරු කිසිවක් අමාත්‍යවරයා විසින් හෙළිනොකිරීම ද විශේෂත්වයක් වන අතර, ඔහු දැනටමත් මෙරට ආයෝජන කොටස්කරුවකු ලෙස කටයුතු කරන බව පමණක් රොයිටර් වෙත ඔහු පවසා තිබෙනවා.

රුපියලේ අගය අසාමාන්‍ය ලෙස අඩුවීම නිසා රටේ ආර්ථිකය අස්ථාවර මට්ටමකට පත්වීම අවම කරගැනීම සඳහා තනි පුද්ගල ආයෝජකයන්ට පැමිණීමට නිදහස් දී ඇතැයි ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

තනි පුද්ගල ආයෝජකයන්ට මෙලෙස නිදහස් කිරීම කළු සල්ලි මෙරටට ගලා ඒමේ දොරටුවක් වියහැකි බවත්, තනි පුද්ගල ආයෝජකයන් මත විශ්වාසය තැබීම මහත් අවදානම් තත්ත්වයක් බවත් ආර්ථික විද්වතුන් කිහිපදෙනකු උපුටා දක්වමින් එම රොයිටර් පුවත් සේවය අනාවරණය කරනවා.

Related posts

බංගලි අරගලකරුවෝ හතුරුසිංහ එළවා දමයි

Admin

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

චෙක් කරන්න කලින් අපට කියන්න… බල්ල පල්ලියට ගේන්න එපා – අසාත් සාලි හමුදාවට කොන්දේසි දමයි

colombotoday

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ !

colombotoday