Colombo Today Local News

‘පාස්පෝට්’ ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම නිසා කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) පහසුකම ඔක්තෝබර් මාසය දක්වා සම්පූර්ණ කර ඇති බැවින් මීළඟ දින ලබා දීමේ (Appointment) හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් ප්‍රකාශ කළේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) පහසුකම යටතේ දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසක් (1000) නිකුත් කෙරෙන බවයි.

පසුගියදා (18 වැනිදා) පමණක් එක් දින සහ සාමාන්‍ය සේවා යටතේ ඉල්ලුම්පත් 4700ක ප්‍රමාණයක් භාර ගැනීමට සිදුව ඇති අතර අසීමිත ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවණතාවය නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

එහෙත් එළැඹෙන නොවැම්බරයේ සිට මෙම තදබදය පහව යනු ඇතැයි තමා විශ්වාස කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් සඳහන් කරයි.

Related posts

2009 සමස්ථ ලෝක ආර්ථිකය සෘණ වෙද්දී ධන ආර්ථික වර්ධනයක සිටි ලංකාවට අද සිදුවී ඇත්තේ කුමක්ද?

colombotoday

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

ගෝඨාභයට විරුද්ධව නඩු දැම්මේ දේශපාලන පිම්පියෝ

colombotoday

ගෝඨාභය රට හදනු ඇතැයි මට විශ්වාසයි. – සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

colombotoday

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin