Colombo Today Local News

ලොරි රථයක ගැටී 15 හැවිරිදි දරුවෙක් මරු දකි

සෙට්ටිකුලම, මැදවච්චිය – මන්නාරම මාර්ගයේ මුදලියාකුලම් ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ.

මැදවච්චිය දෙස සිට මන්නාරම දෙසට ධාවනය වු යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිවීමෙන් අනතුර සිදු වී ඇති අතර ලොරි රථයේ රෝදයකට යටවීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු 15 හැවිරිදි යතුරුපැදිකරු වව්නියාව රෝහට ඇතුළු කිරීමේදී මියගොස් ඇත.

ඔහු සෙටිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුර අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සයිනොෆාම් එන්නත 60ට වැඩි අයට සුදුසුද? පර්යේෂණ වාර්තා අධ්‍යයනයට

colombotoday

‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මංත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේ සිට කියයි

Admin

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday