Colombo Today Local NewsUncategorized

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (15)දින සිට නැවත ආරම්භ කර තිබේ.

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් වාහන සඳහා හෙට සිට ආදායම් බලපත්‍ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය පවසයි.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් පසුගියදා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අතිහිටුවීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදුකිරීමට නියමිතය.

මේ අතර ඊයේ (13) දින සිට www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිස බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමග පවත්වන ලද සාකච්ඡාවට අනුව පහසුකම් සලසා දී ඇතැයි ද ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් පසුගිය 12 වැනිදා සිට කල් ඉකුත් වන ආදායම් බලපත්‍රවල කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් වලංගු කිරීමේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක වේ.

Related posts

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

colombotoday

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin

ETCA ගැන හිටපු ජනපති මහින්දගේ මතය කියයි

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

Admin

සජිත් දන්නවා ඔහුගේ පියා කොටින්ට මුදල් හා පතොරම් ලක්ෂයක් දුන් බව මා දැන් අත්අඩංගුවට ගන්න බෑ මගේ ස්ථාවරය එසේමයි..

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය

colombotoday